මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

Share

පසුගිය මස 05 වන දින කඳාන ප්‍රදේශයේ නිවසක දී මැණික් ගලක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සතුව තිබු රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකා ජීප් රථයකින් පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්දුව පිටවීමේ දොරටුව අසල දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය‍.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මුදල් කොල්ලකෑම සඳහා පැමිණි ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය

සැකකරු 41 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (29) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News