රණවිරුවන්වගේ මානසිකත්වය වත්මන් ආණ්ඩුව කඩා දැමුවා

Share

කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා ගොවියා ආරක්ෂා කරගත හැකි පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කන්තලේ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වූ ජන රැලියක් කන්තලේ භාතියගම ක්‍රීඩාංගනයේදී ඊයේ (28) පැවැත් විය.

එහිදි අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ රට ආහාර වලින් ස්වං පෝෂිත කළ යුතු බවයි.

ගොවියාගේ ණය කපා හැරීමටද තමන් යෝජනා කළේ එම නිසා බවද ඒ මහතා පැවසීය.

රට දැය බෙරා ගත් රණවිරුවන්වගේ මානසිකත්වය වත්මන් ආණ්ඩුව කඩා දැමු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට සංවර්ධනය කිරීමට නම් රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News