ඇල්ල- වැල්ලවාය මාර්ගය තවදුරටත් වසයි

Share

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල  කි.මි. 24 සහ 25 අතර  ප්‍රෙද්ශයට  ගල්කඩාවැටීමේ අවධානම නිසා වසා දැමූ මාර්ගය එහි ඇති අනාරක්ෂිත තත්ත්වය සළකා තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (29) පැවසීය

අඩි 150  පමණ ඉහල සිට නාය ක්‍රියාත්මක වී ගල් කඩාවැටී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

තව දුරටත් කඩාවැටීමේ අවධානමක් ඇති  පර්වතයේ ඉහළ කොටසේ දැවැන්ත  ගල් ඉවත්කිරීමේ කටයුතු  ඒ පිළිබදව දැනුමක් ඇති  පුද්ගලික සමාගමකට පැවරීම සඳහා  කටයුතු කරගෙන යන  බවද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය

එතෙක් මාර්ගයට වැටි ඇතිපස් හා ගල් ඉවත්කිරීමට මාර්ගය සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බවත් හැකි ඉක්මනින් මාර්ගය යළ විවෘතකර ජනතාව මුහුණ පා ඇති ගමනා ගමන දුෂ්කරතාවය මග හැරවීමට පියවරගන්නා බව අවධාරණය කළ දිස්ත්‍රික් ලේකම්වරිය එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද උපදෙස් දුන්නාය.

විකල්ප මාර්ග වන්නේ  බණ්ඩාරවෙල  – කොස්ලස් පූනාගල මාර්ගය ,   හෝ බණ්ඩාරවෙල  අඹදණ්ඩේගම-මාර්ගයයි.

ඇල්ල නගරයට හා   මේ ආපදා තත්වය කිසිසේත්ම බලපා නැති අතර එහි සංචාරක හෝටල් හා නවාතැන ස්ථාන පුරුදුපරිදි ක්‍රියාත්මක වෙයි.

Read more

Local News