එළවළු මිල ඉහළ යයි

Share

දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද(29) පෙරවරුවේ විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව ව්‍යාපාරිකයෝ පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීම, හේතුවෙන් ඉල්ලුම වැඩිවී මෙයාකාරයෙන් එළවළු මිල ඉහළ යෑම සිදුව ඇති බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබුණු එළවළු අතරින් තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

අමුමිරිස් කිලෝවක් රුපියල් 250, කරවිල කිලෝවක් රුපියල් 250, මාලුමිරිස් කිලෝවක් රුපියල් 300, ගෝවා කිලෝවක් රුපියල් 120ක්, කැරට් කිලෝවක් රුපියල් 260ක්, දඹල කිලෝවක් රුපියල් 140ක්, බෝංචි කිලෝවක් රුපියල් 100ක්, තුඹ කරවිල කිලෝවක් රුපියල් 240ක් ,මෑකරල් කිලෝවක් රුපියල් 140ක්, වම්බටු කිලෝවක් රුපියල් 70ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 80ක්, ලෙස සටහන්ව තිබිණි.

සිල්ලර වෙළෙඳ පොළේ මෙම එළවළු වර්ග විශාල වශයෙන් මීට වඩා දෙගුණයකින් පමණ වැඩි මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ සඳහන් කළේය.

දඹුල්ල නගරයේ සිල්ලර වෙළඳසැල්වල සාමාන්‍යයෙන් එදිනෙදා බොහෝ අලෙවි වන ඉල්ලුමක් පවතින එළවළු වන කරවිල කිලෝවක් රුපියල් 300කට, වම්බටු කිලෝවක් රුපියල් 120කට, එළබටු  කිලෝවක් රුපියල් 160කට, අමුමිරිස් කිලෝවක් රුපියල් 500කට, තක්කාලි කිලෝවක් රුපියල් 180කට බෝංචි කිලෝවක් රුපියල් 180කට, වැටකොළු කිලෝවක් රුපියල් 100කට, කැරට් කිලෝවක් රුපියල් 160කට, ගෝවා කිලෝවක් රුපියල් 160කට, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100කට අලෙවි කිරීම සිදු වන බව පාරිභෝගිකයෝ පෙන්වා දෙයි.

උත්සව සමය සහ වර්ෂාවත් සමඟ එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවය ඉල්ලුම වැඩිවීම ජනවාරි මාසය පමණ වන තුරුත් පැවතිය හැකි යැයි කළමනාකරණ භාර කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා මෙහිදී වැඩිදුටත් සඳහන් කළේය.

Read more

Local News