ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහනක්

Share

කොළඹ, කලුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය මගින් සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 6 දින දක්වා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි.

පවතින ඩෙංගු අවදානම් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෙම විශේෂ වැඩසටහන සිදු කරන බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read more

Local News