හම්බන්තොට, මාතර පාසල් හෙට වැසෙයි

Share

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් හෙට (30) වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාම් අවදානම්වලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැලඹිලි ස්වාභය මේ වන විට ආරාබි මුහුද දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News