බොත්තම ඔබලා මිඩ්වයිෆ්ව ගෙන්වා ගන්නේ කොහොමද

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිඳු හරවත් විවාදයක් සිදු කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද(29) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසීය.

“දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විවාදයක් සඳහා ආරාධනා කරලා තියෙනවා. අපි අහනවා සජිත් ප්‍රේමදාස මත්තයාත් සමඟ කුමන කරුණු ගැන විවාද කරන්නද?

දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රෑට රෑට අවිල්ලා ගෙව්ල්වල සුතුටින් ඉන්නවාද නැද්ද කියලා බලන්න නිර්නායක ගැන ප්‍රශ්න කරන්නද? විවාද කරන්නද?

එහෙම නැතිනම් බොත්තම ඔබලා මිඩ්වයිෆ්ව ගෙන්වා ගන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද? එහෙම නැතිනම් ගෝඨාභය මහත්තයාව සජිත් මහත්තයා එල්ලන්න කොහොමද  කියන එක ගැන විවාද කරන්නද?

ගෝඨාභගේ මිනිස්සුන්ට මත්පැන් පොවන්නේ කොහොමද කියන එක ගැන විවාද කරන්නද?  කුමන කරුණක් සඳහා සජිත් ප්‍රේමදාස විවාදවලට ආරධනා කන්නේ.

කිසිම පදනමක් නැතුව විවාදයකට ආරාධනා කරලා වැඩක් නෑ. අද වෙනතෙක් සජිත් ප්‍රේමදාස මහතා  තමන්ගේ වේදිකාවෙදී. තමන්ගේ කථාවලදී. කිසිදු හරවත් දෙයක් ඉදිරිපත් කරලා නෑ.

ඒ නිසා ඒ අපේක්ෂකයා එක්ක කිසිදු හරවත් විවාදයක් කරන්න බෑ. ඒකෙන්ම පැහැදිලි සජිත් ප්‍රේමදාස මහත්තයා වැටිලා ඉන්න තැන.“

Read more

Local News