වසන්ත සේනානායක එජාපයෙන් ඉවතට

Share

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම අහෝසි කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද වසන්ත සේනානායක මහතා ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සදහන් කළේය.

වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩු බලය මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

Read more

Local News