අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Share

අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින අතර තවදුරටත් දිවයිනෙන් ඇතට ගමන් කරන බැවින් අද (30) දිනයේ සිට එහි බලපෑම් ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු (විශේෂයෙන් යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල) සහ වයඹ පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී බලාපොරොත්තුවේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පලාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල) සවස 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන්ද වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 50 දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News