වේගෙන් ආ බස් රථය ලොරියක ගැටී පුද්ගලයෙක්ට තුවාල

Share

හැටන් සිට කොළඹ කොටුව දක්වා අධික වේගයෙන්  ධාවනය වු බස් රථයක් මාර්ගයේ අභියස ගාල් කර තිබු ලොරි රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් ලංගම බස් රථයේ ගමන් ගත් මගියෙකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාලකරු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇත.

ඊයේ (29) රාත්‍රි 7.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පිටවල මිල්ලගහමුල ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වී ඇති ලංගම බස් රථය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමඟ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ දකුණු පස ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ලොරි රථ‍යක බස් රථයේ පසුපස පා පුවරුව වැදි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් ලංගම බස් රථයේ පසුපස පා පුවරුව සම්පුර්ණයෙන්ම ගැලවි ගොස් ඇති අතර, අනතුරෙන් බස් රථයේ පසුපස ආසනයේ සිටි මගියෙකු තුවාල ලබා ඇත.

අනතුරෙන් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සිටි බවත්, බස් රථය ලිස්සා යනවාත් සමඟම බස් රථයේ සිටි මගින් බස් රථය තුල ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරිම නිසා බස් රථයේ සිටි අනෙකුත් මගීන්ට සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බවද අනතුර පිළිබඳව පරික්ෂක පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අනතුරට පත් බස් රථය කඩවත ඩිපෝවට අයත් බස් රථයක් බවත්, එමබස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

Read more

Local News