හෙට සිට දිවයිනේ ඩෙංගු මර්දන වැඩසටහන්

Share

අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන් 8,000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ය.

රෝග ව්‍යාප්තිය පාලනය සඳහා හෙට සිට දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේ ය.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 කට අධික ය.

පුද්ගලයින් 74 දෙනෙකු ද මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News