ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානයෙන් නිවේදනයක්

Share

ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්කිරීම බවට දැන ගැනීමට ලැබීම ශ්‍රී ලංකාව ඇතුළු සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ද පොළඹවාලීම් සහ අවාදර්ශයන් ලබා දුන්නේ යැයි සැක කරන මෙම ත්‍රස්ත සංවිධානයේ මූලිකයාගේ අවසානය ශ්‍රී ලාංකික සියලු දෙනාටම යම් අයුරකින් අස්වැසිල්ලක් බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News