හීලෑ අලි ඇතුන් කළමනාකරණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක්

Share

හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් සහ නීති පද්ධතියක් සැකසීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී යෝජනා වී තිබේ.

අදාළ කෙටුම්පත සකස්කර එය ඉක්මනින් අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ කටයුතු වලට යොදාගන්නා අලි ඇතුන් පිළිබඳව පල වන ප්‍රවෘත්ති ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට අහිතකර ලෙස බලපා ඇති බවත් එය බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට අහිතකර බවත් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මෙහිදී පෙන්වාදුන්නේය.

2015 ජුනි 22 වනදින 1920/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද (469 වැනි අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දක්වා ඇති නියමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කිරීමේදී මෙම කරුණ පිලිබඳ අවධාරණය කෙරිණි.

Read more

Local News