කාන්තා සනීපාරක්ෂක ගැටළු ගැන සජිත් කියන දේ

Share

කාන්තාවන් මුහුණ දෙන කිසිවෙකුත් කථා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් රට තුළ ඇතැයි ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඊයේ(29) සවස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ලෝකයට ජීවය ලබා දෙන උතුම් කාන්තාවන් අද දවසේ බරපතළ ගැටළුවකට මුහුණ දෙන බවද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය කාලයේ දී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් භයානක සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එයින් ගැබ්ගෙල පිළිකා, මුතා ආසාධන ,වකුගඩු නරක් වීම, ප්‍රජනන අවයවවල ආසාධ වැනි රෝගවලට කාන්තාවන් වැඩි වශයෙන් ගොඳුරුවී ඇතැයි පැවසු සජිත් ප්‍රේමදාස මහතා තම රජයක් තුළ නිසැකයෙන්ම විසඳුම් ලබා දෙන බවත් කියා සිටියේය.

මෙම ගැටළුවට ජාතික මට්ටමේ විසඳුමක් ලබා දෙන බවත්, සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලු කාන්තාවන්ට එම පහසුකම් නොමිලේ ලබා දෙන බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන මෙම ගැටළුවට සෑම පාසලක් තුළම සාධනීය විසඳුම් ලබා දෙන වෛද්‍ය ඒකක ස්ථාපනය කරන බවත් පැවසීය.

Read more

Local News