ජනපති අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Share

කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් රාජ්‍ය ආයතන තුළ නොපවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසමේදී ඊයේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් හා ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී එම උපදෙස් ලබාදුන් බව ය.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවන බවට පසුගිය දිනවල පැමිණිලි ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව ය.

රාජ්‍ය ආයතනවල අපෙක්ෂකයින් ප්‍රවර්ධනය වන කටයුතු සංවිධානය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම අවාධාරණය කළේ ය.

මේ අතර 2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට සහ අනිද්දා පැවැත්වේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිටත් යොමු කර ඇති බව ය.

මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් කළේ ය.

Read more

Local News