ඩෑන් ප්‍රියසාද්ගෙන් හෙළිදරව්වක්

Share

එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන බව පවසමින් ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අබාධිත හමුදා නිලදාරීන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් කෝටි ගණනක මුදල් සහ වරප්‍රසාද ලබාගෙන ඇති බව සිංහලේ ජාතික සංවිධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේය.

ඔවුන් මෙම අනාවරණය සිදුකලේ අදාල හමුදා නිලදාරීන්ගේ හඬපට සාක්ෂිද ඉදිරිපත් කරමින්.

හිටපු යුධ හමුදා නිලධාරී කැප්ටන් අසේල ධර්මසිරි මහතා  28 වන දා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ, රාජිත සේනාරත්න මහතාට කථා කර තමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

මෙම තීරණය කලකිරීමක් සමඟ ගත් බවත්, රාජපක්ෂවරු බලයට ගෙන ඒමට තමන් ඇතුළු සියලු දෙනා විශාල කැපකිරිමක් කළ බවත් ඒ මහතා මෙහිදි පැවසීය.

හිටපු යුධ හමුදා නිලධාරී කෝප්‍රල් තේජාන් සමන් කුමාර මහතා පවසා සිටියේ, කිසිදු අයෙකුට තමාගේ දුකට පිහිට වීමට නොහැකි වු බවයි.

“අපිට හොරෙන් අපි විකුණු සමාජයක් “ ගැන දුක් වන බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අපි වෙනුවෙන් අත පය දන් දු අයට අපේ උදව් අවශ්‍ය බවත් ඔවුන් අපට උදව් නොකළත් උදව් කරන බවයි.

මෙම මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමින් සිංහලේ ජාතික සංවිධානය ඊයේ(29) මාධ්‍ය හමුවක් කැඳවා මෙම හමුදා නිලදාරීන් මුදලට විකිණී ඇති බවට හෙලිදරව්වක් සිදුකළේය.

මෙහිදී අදහස් දැක්වු සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයට ගිය මේ රණවිරුවන්ට ආරාධනා කරන බවයි.

එහි සියලු සාක්ෂි තමා සතු බවත් පැවසු ඒ මහතා, රණවිරුවා මුදලට විකිණෙන විදිහ ඇසිය හැකි බවත් කියා සිටියේය.

හිටපු යුද හමුදා නිලධාරී කැප්ටන් අසේල ධර්මසිරි මහතාගේ දුරකථන සංවාදයක් මාධ්‍යයට ඉදිරිපත් කරමින් ප්‍රියසාද් මහතා මේ බව තහවුරු කිිරීමට උත්සහ දැරීය.

එහිදී මාධ්‍ය හමුවට එක් වීමට රණවිරුවන්ට රුපියල් කෝටි ගණනක් මුදල් ලබා දෙන බව මෙම හිටපු හමුදා නිලධාරියා පවසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු යුද හමුදා නිලධාරී කෝප්‍රල් සමන් කුමාර මහතා පවසා සිටියේ, තමන් ඇතුළු පිරිස මාධ්‍ය හමුවට එක්වීමට නම් ලැබන වරප්‍රසාද මොනවා ද යන්නයි.

මේ අතර ඩෑන් ප්‍රියසාද් විසින් කැප්ටන් අසේල ධර්මසිරි හමුවීම සඳහා පැමිණි බවට පවසමින් තවත් දුරකථන ඇමතුමක් එම අවස්ථාවේ ලබා ගත්තේය.

Read more

Local News