අපිට අඩු බලය විතරයි – අනුර

Share

රට තුළ පවතින අනාරක්ෂිතභාවය විසඳීමට ජෙනරාල්වරු අවශ්‍ය නොවන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොළොන්නරුව කඳුරුවෙල නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව කඳුරුවෙල නගරයේදී මෙම ජන රැලිය පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේක ජෙනරාල්ලා විසඳන්න ඕනේ යුද්ධයක් නෙවෙයි. ඒක ජෙනරාල්ලට කරන අපරාධයක්.

ජෙනරාල්ලා ඕනේ යුද්ධවලට. මේක යුද්ධයක් නෙවෙයි. මෙතන තියෙන්නේ අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්කයක්.

මේක විසඳන්න කරුණු 3ක් තියෙනවා. කිසිදු ජන කොටසක අන්තවාදයක් ගොඩ නැඟීමට ඉඩ නොදීම, තමන්ගේ ජන සමාජය තුළ ඇති අන්තවාදය පරාජය කරන්න ඒ ජනතාව පෙරට පැමිණීම, හා පොලීසිය.

දැන් ඡන්දෙන් මේක විසඳන්න ජෙනරාල්ලා එන්න හදනවා. මේක විසඳන්න ජෙනරාල්ලා ඕනේ නෑ. මේක විසඳන්න ඕනේ දේශපාලනයයි, මහජනතාවයි, ගමේ ඉන්න පොලීසියයි.

අපි අන්න එහෙම මේක විසඳනවා.

මේ රටෙ හදනවා නම් නීතියේ ආධිපත්‍යත්, මහජන ආරක්ෂාව හා ජාතික සමඟියත් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයත් අවශ්‍යයි.

අන්න ඒ අත්තිවාරම මත අපි මේ රට හදනවා.

අපි ළඟ ඉන්නවා අවුරුදු 71ක් මේ රට පාලනය කරපු විනාශකාරී කණ්ඩායමට වඩා ඉතාමත් හොඳ දක්ෂ කණ්ඩායමක්.

ඒ නිසා දැන් ඔක්කොම සම්පූර්ණයි. වැඩපිළිවෙලක් තියෙනවා, දැක්මක් තියෙනවා, ගොඩනඟන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනවා, ගොඩනැඟීම සඳහා කණ්ඩායමක් ඉන්නවා.

අඩු බලය විතරයි.

බලය ලබා දෙන්න ඔබ ලෑස්තිනම් සහතිකවම මේ රට ගොඩනැඟීමේ පාලනයක් අපේ රටේ ස්ථාපිත කළ හැකියි”

Read more

Local News