සවස් කාලයේ තද වැසි

Share

ඉදිරි දින කීපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 1.00 න් පසුව මෙම තත්ත්වය පවති.

බස්නාහිර පළාතෙත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී ද සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50-75 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News