ග්‍රාමීය ජන ජීවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

Share

ග්‍රාමීය ජන ජීවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) පස්වරුවේ මඩකලපුවේදී පැවැති ජනරැලියකට එක්වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, මෙම පළාතේ විශාල වශයෙන් ගොවිතැන් කරන ජනතාවක් ජීවත් වන බවයි. ඔවුන්ගේ ආර්ථිකය දියුණු කළ හැකි සැලැස්මක් සෑම විටම ඉදිරිපත් කර ඇති බවට තමා පොරොන්දු වන බවත්, කිරි ගොවියා වෙනුවෙන් විශේෂ ප්‍රතිපත්තියක් වැඩසටහන තුළ ඇති බවත් පැවසීය.

විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩසටහන් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇති බවත්, තමා ගැන විශ්වාසය තබන ලෙසත් ජනතාවට කියා සිටියේය.

තමා පිළිබඳව විරුද්ධවාදීන් විශාල වශයෙන් බොරු ප්‍රචාර මවා ඇතැයි ද පැවසු ඒ මහතා, තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් පැවසීය.

Read more

Local News