අපි හැමෝම පාස්කු ඉරිදා ගැන කණගාටු වෙනවා

Share

තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහමුලින්ම විනාශ කිරිමට පියවර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්තල නගරයේ පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජන රැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ වත්තල නගර මධ්‍යයේදී පැවැත්වුණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අයි එස් අයි එස් සංවිධානය විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවද ජාත්‍යාන්තර සමඟ එක් විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“අපි හැමෝම පාස්කු ඉරිදා ගැන කණගාටු වෙනවා. එතන අතපසු වීමක් ලැබුණු තොරතුරු ගැන ක්‍රියා නොකිරීම අපි පිළිගන්නවා.

ඒකයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාලා අපි කරුණු හෙළි කළේ.

එදා මේක සිදු වුණු දවසේ ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මට කතා කරලා ආධාර ඕනේද ඇහුවා.

මම කිව්වා ආධාර වුවමනායි. අපිත් ආධාර දෙන්නම් කියලා. අපිත් කැමකියි අයි එස් අයි එස් නැති කරන සටනට එකතුවෙලා අයි එස් නැති කරන්න කියලා.

එදා මම ඒක කිවුවා කියලා මට විරුද්ධව සන්ධානය කෑ ගැහුවා.

දැන් දවස් කීපයකට කලින් ඇමරිකානු හමුදාව ගිහිල්ලා අල් බග්ඩාඩිව මරලා දැම්මා. තාම ඒ ගැන මහින්ද රාජපක්ෂ ස්තූතිය ප්‍රකාශ කරලා තියෙනවාද?

ඒ ගැන වචනයක් කියන්න බැරිනම් කොහොමද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ?

අයි එස් අයි එස් සටන තවදුරට ගෙනියන්න ඕනේ.

බග්ඩාඩි මැරුණා කියලා මේ කණ්ඩායම නැති වෙලා නෑ. ඒත් ඒක අවසන් කරන එක ලේසියි.

ඒක කරන්න අපිට ජාත්‍යාන්තරය එක්ක එකට වැඩ කරන්න තියෙනවා.”

Read more

Local News