විග්නේෂ්වරන්ගෙන් දෙමළ ජනතාවට දැනුම්දිමක්

Share

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සලකා බලා තැපැල් ඡන්දයේ දී ඡන්දය භාවිත කරන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට දැනුම්දිමක් සිදුකර තිබේ.

හෙට (31) සහ අනිද්දා (01)  පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

මෙහිදී විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත්තේ, සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දෙන ලෙස ප්‍රකාශ කළ නොහැකි නමුත් අතීතයේ සිදුවු සිදුවීම් සලකා බලා දෙමළ ජනතාව ඡන්දය භාවිත කල යුතු බවයි.

යෝජනා 13ක් දෙමළ පක්ෂ 05ක් විසින් ප්‍රධාන අපේක්ෂකයින්ට ඉදිරිපත් කළ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ ලබා නොදුන් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සහ මානූෂීය කටයුතු පිළිබඳව අදාළ යෝජනා මඟින් කරුණු ඉදිරිපත් කළ බව ඔහු පවසා තිබේ.

මේ පිළිබඳව ප්‍රධාන අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කිරිමට ඕනෑම අවස්ථාවක දෙමළ පක්ෂ සූදානම් බව ද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News