වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරියට

Share

වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

පැවරුම් සහතිකය වෙත ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ඒ සමඟම හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.

මෙම සම්පූර්ණ ඉඩම් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා රජයට අයත්වන අතර හෙක්ටයාර 116 ක ඉඩම් තුන්වන පාර්ශවය වෙත ආයෝජනය කිරීම සඳහා 99 අවුරුදු බදු දීමේ අයිතිය චීන සමාගම වෙත පැවරෙනු ඇත.

මෙම බදුදීම සිදු කරනුයේද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අනුමැතියට යටත්වය.

මෙලෙස බදු දෙන ඉඩම්වල තුන්වන පාර්ශවය විසින් කරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් පමණ වනු ඇත.

Read more

Local News