ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 117 කට සිමා වෙයි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී මේ වන විට පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 117කි.

අද දිනයේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත.

පළමු තරඟයට සහභාගී වූ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත ඉවත් කර තිබේන අතර ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන සහ අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News