තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Share

හෙට (31)සහ අනිද්දා (01) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  සදහන් කළේ මේ සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බවයි.

ඒඅනුව පොලිස් ජංගම, යතුරුපැදි සහ පාමුර සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථානවෙත ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව විශේෂ ආරක්ෂාවක් ඉල්ලා ඇති මධ්‍යස්ථාන වෙත අදාළ කරුණු සලකා බලා විශේෂ ස්ථානගත ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි 32ක් ලැබී තිබේ.

එමෙන්ම ගත වු පැය 23ක කාලය තුළ පැමිණිලි තුනක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

Read more

Local News