රට යා යුතු දිශාව පොදු ජනතාව තීරණය කරයි

Share

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩනගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එළැඹෙන 3 වනදා වන විට සන්ධානය ගොඩනැඟීම සඳහා අවසන් තීරණයක් ගනු ඇති බවයි.

ජනාධිපතිවරණය හා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණි.

එම අවස්ථාවේ අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාරයක් පැතිරවීම සඳහා කටයුතු සිදු වෙමින් පැවතියද රටේ ජනතාව එම ප්‍රචාර ඇසීමට තරම් මන්ධ බුද්ධික පිරිසක් නොවන බවයි.

මේ වන විට රට යා යුතු දිශාව පොදු ජනතාව තීරණය කර ඇති බවත් ඒ මහතා පැවසුවේය.

Read more

Local News