රාජ්‍ය සේවකයන්ට නිසි ආරක්ෂාව අපි ලබා දෙනවා

Share

එළැඹෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව 120 ට වැඩි බහුතරයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

අද(30) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා මෙහිදී පවසා සිටියේ එක්සත් ජාකිත පක්ෂ ආණ්ඩුවක් තුළින් රාජ්‍ය සේවයට යහපතක් සිදු නොවූ බවට සියලු දෙනා හොඳින් දන්නා කරුණක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

“දැන් මේ වන විට කැපැල් ඡන්දයට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. මේ රටේ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අවස්තාව හිමිවෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තුළින් කිසිම දවසක රාජ්‍ය සේවයට යහපතක් වු‍ණේ නැති බව ඔබ සියලුම දෙන්නවා.

අපි දැක්කා එක්සත් ජාකින පක්ෂ අපේක්ෂකයාගේ මේ පිළිබඳ තියෙන දැන්වීම්, පත්ර දැන්වීම්, ප්‍රකාශ ඒ සියල්ල ක්‍රියාත්මක වෙන ඒවා. ඒවාගේම කිසිම අර්තාන්විත ගතියක් පේන්නට නැහැ. රාජ්‍ය සේවයට එහෙම ආකාර්ෂණීය වැඩපිළිවෙළක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටවන ආණ්ඩුව කාලය තුළ රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමේ වගකීම දරනවා. හොඳ කාර්යන්වලට සහ හරි කාර්යන්වලට ජනතාවගේ පැත්තෙන් ඉදන් කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට නිසි ආරක්ෂාව අපි ලබා දෙනවා.“

Read more

Local News