අපිට මඩ ගහන්න විශාල සැලසුමක් ක්‍රියාත්මකයි

Share

ඉතාමත් සැලසුම් සහගතව මීළඟ දින කිහිපය තුළ දැවැන්ත ලෙස මඩ ප්‍රචාරක කටයුත්තක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

අද (30) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

කාවින්ද ජයවර්ධන සහ ජෝන් අමරතුංග මහතාගේ ලේකම්වරයෙකු විසින් අපහාසත්මක පොස්ටර් ගෙනවිත් තිබෙන බවත් මීළඟ දින කිහිපයේ ත්‍රාස්තවාදී සහරාන් සමඟ ගත් ඡායාරූප බව පවසමින් අපහාස කිරීමට බලාපොරොත්තු වෙන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වහාම කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ  තිබෙන තොරතුරුද වෙනස් කරන්න කටයුතු කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

“ජාතික ආර්ථීක කවුන්සිලය විසින් මිලේනියම් චැලේන්ජ් කියන මුදල සම්බන්ධයෙන් තිඛෙන කොන්දේසි පිළීබදව සාකච්ඡා කරනවා.ඔවුන් ජාතික ආර්ථීක කවුන්සිලය අත් හිටෙව්වා. මේ ආණ්ඩුව ජාත්‍යන්තරයට කියන්නේ අපි පඹයන් හැටියට කියන ඕන දේකට සහය දෙන්නම් ඒ නිසා අපිට ආධාර කරන්න කියලයි.

එදා රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගෙනල්ලා අද රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙලනවා.මේ අත්සන් කරන ගිවිසුම් ගැන අපි අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරන්න කටයුතු කරනවා. මේ වන විට දැවැන්ත වැඩපිළිවෙලක් ගෙන යනවා. මඩ පොස්ටර් ගහන්න හදනවා.

ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා වැඩපිළිවෙලට සම්බන්ධයි කියලා තමයි මේ මඩ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ.

මේවා දේශපාලන පළිගැනීමක් ඉෂ්ඨ කරගැනීමක්. ලසන්ත වික්‍රමතුංග  මහතාගේ දුව කැලිෆෝනියා වල දාපු නඩුව සම්බන්ධයන් සිදු කළ විග්‍රහය අපි දුටුවා.

දේශපාලන භුමියේ එජාපයට ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළ නොහැකි නිසා දැන් මඩ ව්‍යාපාරයක් දියත් කරනවා. නොවැම්බර් 16 වෙනිදා වන තුරු ඔවුන් මේ මඩ ව්‍යාපාරය ගෙනියනවා.

මම දුටුවා සජිත් ප්‍රේමදාස මහතා කියනවා මේ අවාසනාවන්ත රාජ්‍ය පාලනය නිසා බදු බරින් මිරිකී සිටන ජනතාව ඉන් නිදහස් කරනවා කියලා.

කැබිනට් එකේ ඔහු හිටියේ නැහැ වගේ තමයි කථාව. මම දුටුවා බන්දු සමරසිංහ මහතා කියනවා මම හරිම අහංසක මනුස්සයෙක් මටයි ටෙනීටයි තියෙන තැන නැති කරන්න එපා කියලා. අපිත් කියන්නේ සජිත්ට ඔබේ තියෙන හැකියාව අභ්‍යන්තරයේ තියාගන්න කියලා පමණයි.”

Read more

Local News