පොලිසියේ 102 කට උසස්වීම්

Share

පොලිස් අධිකාරීවරුන් විශේෂිත වු දිනයන්ට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මෙම උසස් වීම් ලබා දී ඇත.

ඒ අනුව 2017.03.29 වන දින සිට පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුට,  2018.01.01 දින සිට 59 දෙනෙකුට, 2018.06.01 වන දින සිට 5 දෙනෙකුට, 2018.06.29 වන දින සිට එක් පොලිස් අධිකාරීවරයෙක්ට, 2018.08.18 වන දින සිට දෙදෙනෙකුට, 2018.11.03 වන දින සිට තවත් පොලිස් අධිකාරීවරු 14 දෙනෙකුට මෙම උසස් වීම් හිමිව තිබේ.

මීට අමතරව 2018.11.06 වන දින සිට එක් පොලිස් අධිකාරීවරයෙකුට, 2018.11.29 වන දින සිට එක් අයෙකුට හා 2019.05.18 වන දින එක් පොලිස් අධිකාරීවරයෙක් හා 2018.01.01 වන දින සිට කාන්තා පොලිස් අධිකාරීවරියකට මෙම උසස් වීම් හිමිව ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 14 දෙනෙකුට ද උසස් වීම් හිමිව ඇත.

ඒ 2018.01.01 වන දින සිටය. මේ අනුව උසස් වීම් ලද මුළු පොලිස් අධිකාරීවරු සංඛ්‍යාව 102 කි.

Read more

Local News