යුද්දෙන් ආබාධිත වූවන්ට කෘත්‍රිම අත් හා පාද බෙදාදෙයි

Share

යුද්ධය හා විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයන්ට පත් වූ අඩු ආදායම්ලාභි වැසියන් වෙනුවෙන් නොමිලේ කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ උතුම් වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතාගේ උදාර සංකල්පයකට අනුව 21, 54 හා 61 සේනාංක බල ප්‍රදේශයන්හි ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් හැන්ඩිකැප් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ වැඩසටහන වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවත්වුණි.

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මෙම කෘත්‍රිම අත් හා පාද ලබා දීම මගින් ආබාධිත වූවන්ගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරලීමට හැකිවනු ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read more

Local News