දීපවාලි අත්තිකාරම් මුදල නොවැම්බර් 10 යට පෙර ලබාදෙනවා

Share

දිපාවලි උත්සව සමයේ රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදල නොවැම්බර් මස 10 දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ලබාදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යයවරයා ඒ බැව් කියාසිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සදහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වතුකරයේ ආරම්භ කිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය ජ්‍යෙෂ්ඨ සමාජිකයන් අද (31) හැටන් නගරයේදි දැනුවත් කිරිම සදහා පැවති රැස්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා,

“අපේ ඉල්ලිමක් මත රජය මගින් වතු කම්කරුවන්ට තේ මණ්ඩලයේ සංචිත මුදල් වලින් නැවති අය කර ගැනිමේ පදනම මත රු පන්දහසක දිපාවලි උත්සව අත්තිකාරම් මුදලක් දෙන්න අපි කටයුතු කළා.

වතුකරයේ ඇතැම් නායකයින් එම මුදල වතුකම්කරුවන්ට ලබා නොදිමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කරලා තිබුණා. එක නිසා තමයි අපිට දිපාවලි දිනයට පෙර එම මුදල ලබා දෙන්නට බැරි වුණේ. මම ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එක්ක කතා කරාම එම මුදල ලබාදෙන්න පුළුවන් කියලා සභාපතිවරයා කිව්වා.

ඒ නිසා මැතිවරණයට ප්‍රථම අපි පොරොන්දු වෙච්චි රු.පන්දහසක උත්සව අත්තිකාරම් මුදල අපි ලබා දෙනවා.

පහුගිය දිනවල ඇතැම් පුවත්පත් වල වෙබ් අඩවි වල සහ සමාජ ජාලා වල මම රජයේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බවට අග්‍රාමාත්‍යයවරයාට ලිපියක් භාර දුන්නා කියලා පුවත් පල වෙලා තිබුණා.

එවා අසත්‍යයයි. මම ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන කෙනෙක්. එ වගේ අසත්‍යය ප්‍රවෘත්ති පල කරන්නේ දේශපාලන විරුද්ධවාදින්.

මට රජයෙන් ඉල්ලා අස්වෙන්න කිසිම උවමනාවක් නැ. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට දමිළ ප්‍රගිතිශිලි සන්ධානයෙන් යෝජනා වගයක් ඉදිරිපත් කලා. එම යෝජනා රට බෙදන යෝජනා නෙවෙයි.

අපි ඉල්ලුවේ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවන්න. අපි ඉදිරිපත් කල යෝජනා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කරලා තියෙනවා.

මැතිවරණයෙන් පස්සේ මේ රටේ ස්ථිර වශයෙන්ම ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා. එතුමාගේ නායකත්වයෙන් අපි තවදුරටත් වතුකරයේ ජනතාවට වැඩ කරනවා.“

Read more

Local News