ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න නාවික හමුදා සහාය

Share

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ගංජා ග්‍රෑම් 815ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හම්බන්තොට රෝහල අසල මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම ත්‍රිරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රිරෝද රථයේ සඟවා තිබු මෙම ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

ඒ අනුව, මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 48 සහ 64 වන වියෙහි පසුවන කතරගම සහ හම්බන්තොට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අදාල සැකකරුවන්, ත්‍රිරෝද රථය සහ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Read more

Local News