ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2500 දක්වා ඉහළට

Share

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2500 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පසුගිය මස 08 වනදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණනීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2425ක් ඇතුළු පැමිණිලි 2540ක් ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඊයේ පස්වරු 4න් අවසන් වු පැය 24ක කාලය තුළදී  ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 147ක් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇත.

මේ අතර ජනාධිපතිවරණයටඅදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 79 ක්ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ඉන් තහවුරු කර ගත් පැමිණිලි 59 ක් වැඩිදුර විමර්ශන සදහා මැතිවරණ කොමිශන් සභාව වෙත යොමුකර ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.

මැතිවරණ ව්‍යාපාර සඳහා රජයේ ගොඩනැඟිලි හා පරිශ්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම ගණන 20ක් වෙයි.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපකරණ හා දිරි දීමනා ලබා දීම, රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම, රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් කළේය.

මීටඅමතරව නව පත්කිරීම්, ස්ථාන මාරුකිරීම් හා උසස්වීම් ලබාදීම, රාජ්‍ය අනුග්‍රහය සහිත සංවර්ධන වැඩසටහන් අනිසි ආකාරයෙන් භාවිත කිරීම හා සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම පිළිබඳ පැමිණිලි ද ජනාධිපතිවරණයට අදාළව එම ආයතනයට ලැබී ඇති බව සඳහන්.

Read more

Local News