තිලංග කණගාටුවෙන හේතුවක් මෙන්න

Share

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් තිලංග සුමතිපාල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සන්ධානය විසින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.

එයට අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා කියා සිටියේ, චන්ද්‍රිකා මහත්මියගේ මවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ, එතුමියගේ ස්වාමි පුරුෂයා අහිමි කළ හා එතුමියගේ ජීවිතයට හානියක් කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක්සත් ජාතික පෙරමුණේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට සිට ගැනීම ගැන කණගාටුවට පත්වන බවයි.

කුමාරතුංග මහත්මිය තීන්දුව ගන්න ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හෝ දේශපාලනය වශයෙන් නොව පෞද්ගලික තීරණයක් මත යැයි ද පැවසු මන්ත්‍රීවරයා, තම සහයෝගය හිමි වන්නේ ඩී.රාජපක්ෂ මහතාගේ පුතාට බවත් පැවසීය‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව වැඩ කළ එක්සත් ජාතික පක්ෂය කණ්ඩායමට උදව් කිරීම කිසිසේත්ම එකඟ විය හැකි කාරණයක් නොවන බවත් පැවසු ඒ මහතා, එය හෙළා දකින බවත් කියා සිටියේය.

එමෙන්ම ටී.එන්.ඒ සංවිධානය අවසන් මැතිවරණයේ දී සියයට 35 ට වඩා අඩු වු බවත් පැවසු තිලංග සුමතිපාල මහතා,  ද්‍රවිඩ ජාතීන්ගේ ශක්තිය කියන්නේ ටී.එන්.ඒ කියලා හිතනවා නම්, සජිත් මහතා වරද්දවාගෙන ඇතැයි ද පැවසීය.

Read more

Local News