සීමාවාසික වෛද්‍යවරුන්ට ඡන්දය දාන්න ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා සීමාවාසික වෛද්‍යවරුන්ට සිය ඡන්දය භාවිත කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් එම කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

සීමාවාසික වෛද්‍යවරුන් ලෙස සිය පුහුණු කාලයේ නිරත වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් වාර්තා වී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඔවුන්ට සිය ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ පිළිබඳ කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News