ශ්‍රීලනිප ඡන්දෙන් ගෝඨා දිනයිද ?

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලැබීම අත්‍යාවශ්‍ය වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, ලක්ෂ 65 ක ඡන්ද ජයග්‍රහණයට අවශ්‍ය බවත් මේ වන විට ලක්ෂ 50 ක් පොහොට්ටුවට ඇති බවත් ලක්ෂ 17 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බවත්ය.

තනිව සිටිය දී මෙම පක්ෂ දෙකටම ජයග්‍රහණය කළ හැකි දැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා, ලක්ෂ 50කට වටිනා කමක් ලැබීමට නම් ලක්ෂ 17 එකතු විය යුතු බවත් පැවසිය.

එනිසා “ලක්ෂ 17 අපි දෙන්නේ නෑ, අපි යන්නේ නෑ.. “ යනුවෙන් පැවසුවහොත් කුමක් සිදුවේදැයි ප්‍රශ්න කර සිටි දුමින්ද දිසානායක මහතා, එවිට ලක්ෂ 50 තියා ගෙන ඉන්න වෙන බවත් කියා සිටියේය.

එවිට නොවැම්බර් 16 වන දින පරාජය වීමට සිදුවන බවත් කියා සිටි දිසානායක මහතා, එවිට ආණ්ඩුවක් ද නොමැති වන බව පැවසීය.

එනිසා කවුරුන් ලක්ෂ 50 ක ඡන්ද හිමිකර ගෙන සිටියත් තම පිලේ ලක්ෂ 17 ක ඡන්ද සමඟ ගෝඨාභය මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 65 ක් බවට පත් වෙන බවත් කියා සිටි දුමින්ද දිසානායක මහතා, නොවැම්බර් 16 වන දින ගෝඨාභය මහතා දිනවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයෙන් බව කියා සිටියේය.

Read more

Local News