සජිත් ගේ හඬ පීඩිතයාගේ හඬ – කිරිඇල්ල

Share

සජිත් ගේ හඬ පීඩිතයාගේ හඬ බවත් සජිත් ගේ හඬ ප්‍රගතිශීලී හඬ බවත් සජිත් ගේ හඬ තාරුණ්‍යයේ හඬ බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද (05) මහනුවර දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සනිටුහන් කිරීමෙහිලා පැවැති තෙල්දෙණිය, කුන්ඩසාලේ සහ හේවාහැට ප්‍රදේශයේ පැවැති ජන රැළි මාලාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

” අද මේ රටේ බුද්ධිමත් තාරුණ්‍යට මේ රටේ පවතින යල්පැන ගිය දේශපාලනය ඉතා අප්‍රසන්න කාරණාවක්.

ඒ නිසාම අපේ රටේ තරුණ පරපුර දේශපාලනයෙන් ඉතා ශීඝ්‍රයෙන් ඉවත් වෙනවා. මේ පසුබිම තුළ තමයි අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් රකින, ඉතා කාර්යශූර, මේ රටේ සෑම ජන තීරුවක්ම ස්පර්ශ කරන්න පුළුවන් නායකත්වයක් රටේ ජනාධිපතිවරයා හැටියට යෝජනා කරන්නේ.

අපේ අපේක්ෂකයා ඔහුට වසර අවුරුදු 26 දී බන්දේසියේ තියලා එක්සත් ජාතික පක්ෂයේ සාර්ථකම ආසනය වන මැද කොළඹ ආසනය ගාමිණී දිසානායකයන් ලබා දෙන කොට ඒක ප්‍රතික්ෂේප කරලා ස්වෙච්ඡාවෙන්ම මේ රටේ අන්ත දිළිඳු  මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අතිශය අභියෝගාත්මක හම්බන්තොට ප්‍රදේශය තෝරාගෙන, වසර අවුරුදු 20ක දේශපාලන අත්දැකීම් ලබන නායකයේක්.

සජිත් ගේ හඬ පීඩිතයාගේ හඬ, සජිත් ගේ හඬ ප්‍රගතිශීලී හඬ, සජිත් ගේ හඬ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ, මේ නිසාම තමයි අද විවිධ දේශපාලනික අදහස් දරන විවිධ සංවිධාන සජිත් වටා එක්වෙමින් ගෝඨාභය කියන අන්ත දක්ෂිනාංශික, පැසිස්වාට්වාදී නායකත්වය පරාජය කරන්න කටයුතු කරන්නේ.

අද අපේ ප්‍රතිවාදියා නොයෙකුත් රටේ නැති චෝදනා කරනවා. ඇමෙරිකන්කාරයෝ ටිකක් අපිට චෝදනා කරනවා අපේ රට අපි ඇමරිකාවට MCC ගිවිසුම හරහා පාවා දෙන්න හදනවා කියලා. මේවා ඇත්තටම  විහිලු.

අපි රජයක් හැටියට සෑම ගිවිසුමකට එළඹිලා තියෙන්නේ කැබිනට්ටුවේ සහ පාර්ලිමේන්තුවේ අධ්‍යයනය සහ එකඟතාවය ඇතිව. ඊටත් වඩා අපේ ජනාධිපති අපේක්ෂක තුමා සපථ කර සිටිනවා එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව මේ ගිවිසුම් සියල්ල නැවත අධ්‍යයනයකට ලක් කරනවා කියලා.

එමනිසා ඔබේත්, රටේත් හදවතට කිට්ටු සජිත්ගේ ප්‍රගතිශීලී හඬ දිනවා ඊළඟ වසර පහක කාලයක් අපි එක්ව ඉදිරියට යමු.”

Read more

Local News