දුප්පත් භාවයෙන් තොර වු ආර්ථිකයක් අපිට ඕනේ

Share

විධිමත් ප්‍රතිපත්තියක් යටතේ රට ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ පස්වරුවේ මහනුවර පැවති  ජනරැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරන ජනරැළි මාලාවේ තවත් ජනරැලියක් මහනුවර පොදු වෙළඳපල ඉදිරිපිටදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

රට ගොඩනැගීම ප්‍රධාන ක්ශේත්‍ර ගණනාවක් යටතේ සිදු කළ යුතු බව ඒ මහතා පවසයි.

“දුප්පත් භාවයෙන් තොර වු ආර්ථිකයක් අපිට ඕනේ.

ළමයින්, තරුණයින්, වැඩිහිටියන්, කාන්තාවන්, ආබාධිත භාවයට පත් වුවන් යන සියලු ජන කොට්ඨාශයන්ට රැකවරණය, සුරක්ෂිතභාවය හා අනාගත විශ්වාසය  අවශ්‍යයි.

රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ යුතුයි.

පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න අපි විධිමත් සැළැස්මක් හදලා තියෙනවා.”යනුවෙන් ඒ මහතා පැවසීය.

Read more

Local News