තෝමසුවන්ගේ රාත්‍රිය නොවැම්බර් 09 වැනිදාට

Share

මාතලේ ශාන්ත තෝමස් විදුහලට වසර 146ක් සපිරිම නිම්ති කොට එම විදුහලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන Thomian’s Nite – 2019 SALUTE THE LEGEND සංගීත රාත්‍රිය මෙවර නොවැම්බර් 09 වැනි සෙනසුරාදා දින රාත්‍රි 7.30ට කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදි පැවැත්විමට නියම්තය.

සියත සුන්දර ශනිදා වැඩසටහනට සහභාගි වෙම්න් කොළඹ ශාඛාවේ උප සභාපති වන සුම්ත් හල්විටිගේ මහතා පැවසුවේ එම විදුහලේ ආදි සිසුවකු වන වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇගයිම හා උපහාර පිදිමේ කර්තව්‍යයක්ද මෙදිනට සිදු කරනු ලබන බවයි.

මෙම සංගීත රාත්‍රිය වර්ණවත් කිරිමට දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සංගීතය සපයන අතර නර්ථන කණ්ඩායම් රැසක් නර්ථනයෙන් දායක වෙයි.

පාසලේ අධ්‍යාපන හා ක්‍රීඩා ශිෂ්‍යත්ව අරමුදල නගාසිටුවිම අරමුණු කාෙටගත් මෙම ප්‍රසංගය ආදි ශිෂ්‍ය සැමට හා හිතවතුන් සියල්ලට විවෘත ප්‍රසංගයක් වන බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News