IPL නිපන්දු පරීක්ෂා කරන්න වෙනම විනිසුරුවරයෙක්

Share

එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීමට වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරඟ සංවිධායකයින් තීරණය කර තිබේ.

ඒ අනුව දැනට සිටින 03 වන සහ සිව්වන විනිසුරුවන්ට අමතරව 05 වන විනිසුරු ලෙස ඔහු පත්වනු ඇත.

ඔහුගේ කාර්යය භාර්යය වන්නේ පිටියේ විනිසුරුවරුන්ට හසුනොවන පන්දු යවන්නන්ගේ නිපන්දු පිළිබඳ පිටියේ විනිසුරුවරුන්ට දැනුම් දීමයි.

බොහෝ තරඟ වල පන්දු යවන්නන්ගේ නිපන්දු පිටියේ විනිසුරුවන්ට හසු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News