පාර්ලිමේන්තුව දෙසැ 03 දා තෙක් කල් තබයිද ?

Share

පාර්ලිමේන්තු රැස්වීම දෙසැම්බර් 03 වැනි අඟහරුවාදා සවස 1.00 දක්වා කල්තැබීමට නියමිත බව වාර්තා වේ.

නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ පළමු රැස්වීම අද (07) පෙරවරු 10.30ට ආරම්භ කරන අතර, එහිදී සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් නොවැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු අවලංගු කිරීමට පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බවද වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඒ ඒ ඡන්ද බලප්‍රදේශවල මැතිවරණ කටයුතුවල යෙදී සිටීම තුළ පාර්ලිමේන්තුවේ ඝන පූරණය පවත්වා ගැනීමේ අපහසුතාවක් මතු වී තිබෙන බැවින් සභාව කල්තැබීම යෝග්‍යය යැයි පක්‍ෂ නායකයන්ගේ අදහස වී තිබේ.

මේ අතර නවෝත්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්ති රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජාතික නවෝත්පාදන නි‍යෝජිත ආයතනය පිහිටු වීම පිළිබඳ පනත අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ජාතික පර්යේෂණ ජාතික ආර්ථිකයට දායක කරගැනීම, නවෝත්පාදනයට ඇති බාධක හඳුනා ගැනීම, නවෝත්පාදන සඳහා පුද්ගලික අංශයේ සහාය ලබාගැනීම සඳහා සංස්ථාවක් ලෙස ජාතික නවෝත්පාදන නි‍යෝජ්‍යායතනය පිහිටවනු ලබයි.

Read more

Local News