ඉතාලියේ පදක්කම් දිනු ලංකාවේ කායවර්ධන ශූරයා

Share

ඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරගාවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.

එම තරගාවලියේ කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර පන්තියේ හා සෙන්ටිමීටර් 175 දක්වා උස පන්තියේ තරග වැදි මෙම පදක්කම් දිනා ගැනිමට ධනෝජ් මධුරංග සමත් විය.

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවෙකු වන ධනෝජ් මධුරංග වසර ගණනාවක සිට ඉතාලියේ වැනිසියා නගරයේ පදිංචිව සිට කායවර්ධන ක්‍රීඩාවේ නිරත වෙමින් මෙම ජයග්‍රහණ ලබා තිබේ.

Read more

Local News