තාජුදීන් ඝාතන නඩුව දෙසැම්බර් 03 වැනිදාට

Share

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් මස මස 03 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද(07) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දන්වා සිටියේය.

එම නිසා නඩු විභාගය අවලංගු කර කැඳවීම් දිනයක් ලබා දෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට නියම කළ අතර අධිකරණය නැවත දැනුම් දීමක් ලද විට පමණක් පෙනී සිටින ලෙස අද දින අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට සාක්ෂිකරුවන්ට අවවාද කළේය.

වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳව සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින්  හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News