තායිලන්තය තුළ ඉස්ලාම් බෙදුම්වාදය යළි හිස ඔසවයි ?

Share

දකුණුදිග තායිලන්තයේදී පුද්ගලයන් 15 දෙනෙකු ඝාතනය කරමින් සිදුවූ වෙඩි තැබීම මෑතක එරට තුළ සිදුවූ ම්ලේච්ඡතම ප්‍රහාරය බවට පත්ව තිබේ.

යාලේ පළාතේ ආරක්ෂක මුර පොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන්ද සිටින බව කියයි.

මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති ඔවුන්, පසුව ඇණ යෙදූ ලී පතුරු මාර්ගයේ ඇතුරමින් ඔවුන් පසුපස ලුහුබැඳීම වළක්වා තිබේ.

2004 වසරේ සිට මෙම පළාත තුළ ගැටුම් වර්ධනය වෙමින් පැවති අතර, දකුණුදිග තායිලන්තයේදී දහස් ගණනක් ජනතාව ඝාතනයට ලක්ව ඇත.

Read more

Local News