Z අගය වෙනස් කළොත් මොකද වෙන්නේ

Share

පවතින පාසල් පද්ධතිය දියුණු කිරීමකින් තොරව Z අගය වෙනස් කිරීමෙන් පමණක් අධ්‍යාපනය නැංවිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“z score ක්‍රමය නවත්තලා දුෂ්කර පාසල්වල සිසුන්ටත් සරසවි යන්න පුළුවන් විදිහට ක්‍රමයක් හදනවා කියලා කියනවා.

මේකද කරන්න ඕනේ?..එහෙම නැත්නන් අපි කරගෙන යන විදිහට දුෂ්කර පාසල් ක්‍රමය නැති කරලා දියුණු පාසල් මට්ටමට දුෂ්කර පාසල් ටිකත් ගේන එකද?

එයාලා කැමති පාසැල් හැමදාම දුෂ්කර තත්ත්වයේ තියෙනවා නම්.

විශ්ව විද්‍යාලවලට ගන්න ඕනේ මේ රටේ ක්‍රීම් එක.

ඒක දිස්ත්‍රික් මට්ටමේ දී යම් යම් වෙනස් වීම් තියෙන්න පුළුවන්.

ඒවා පුළුවන් තරම් පාලනය කරගෙන හොඳම ටීම් එක ගන්න උත්සාහ කළ යුතුව තියෙනවා.

මෙයාලා බලයට ආවොත් අපි හදාගෙන ආපු අධ්‍යාපන පද්ධතිය කඩාගෙන වැටෙනවා.”

Read more

Local News