ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

Share

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ පසුගිය දා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති 2019-2020  ශ්‍රී පාදසමය සම්බන්ධයෙන් පැවති රැස්වීමට එක්වෙමිනි.

“වසර 2600කට පෙර බුදුරදුන්ගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස රජය මගින් නිල වශයෙන් නම් කරන මෙන් දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමා ඓතිහාසික සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් ලෙස නම්කිරීමට කටයුතු කළා. එයට සමස්ත බෞද්ධ ජනතාවගේ ගෞරව පූර්ව ස්තූතිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම පුදකර සිටිනවා.”

Read more

Local News