මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නාවලපිටියේ දී අත්අඩංගුවට

Share

හෙරොයින්, අයිස් සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දර ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය ප්‍රදේශයට මත්ද්‍රව්‍යය බෙදා හරින බවට නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදි ඔහු සන්තකයේ තිබි හෙරොයින් මිලිග්‍රැම් 800, අයිස් මිලිග්‍රැම් 940 ක් සහ කේරල ගංජා මිලිග්‍රැම් 6250 තිබු සොයා ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පැවසිය.

Read more

Local News