අපේ පක්ෂයට පාට ජාති ආගම් කුල භේද නෑ – අකිල

Share

සිය පක්ෂයට පාට ජාති ආගම් කුල භේද නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලාංකික අනන්‍යතාව සුරකින්න පුළුවන් පක්ෂයක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.

ජනතාවගෙ ජාතිවාදය, ආගම්වාදය අවුස්සාසිය පක්ෂය දේශපාලනය නොකරන බවත් එය සිය පක්ෂයේ වෙනස බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා

“වසර පහක් තුළ අපි කොච්චර වැඩ ‍කොටසක් කළාද කියල තමුන්නාන්සෙලා දන්නවා.

අපි බලයට එන්නට පෙර කුණු වෙච්ච, පිළුනු වෙච්ච, වල්වැදිච්ච මජර දේශපාලනයක් තිබුණෙ. ඒක අපි වෙනස් කළා. සමහරුන්ට මේක තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්.

අපි ඇතිකරපු නිදහස, ස්වාධීන කොමිසන් සභා, තොරතුරු දැනගැනීමේ පනත නිසා අද බොහෝ දෙනා භුක්ති විඳින නිදහස එදා තිබුණෙ නැහැ. බලන්න.මැතිවරණෙට දවස් කීපයයි තියෙන්නෙ.

වෙන කාලෙක නම් කොච්චර සිද්ධි ඇති වෙලා ද මේ වෙද්දි. තමුන්නාන්සෙලට මතක ඇති, අපිට 2010 දි අධිආරක්ෂිත කලාපෙදි ම වෙඩි තිබ්බා.

මගේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. ඒ කාලෙ තිබ්බෙ එහෙම යුගයක්. තමුන්නාන්සෙල දන්නව අපි මේ ගම්වලට කොච්චර වැඩ කළාද කියලා. ඊළඟ අවුරුදු පහ තුළ අපට මීටත් වඩා වේගයෙන් වැඩ කරන්න පුළුවන්.

පසුගිය වසර කිහිපය තුළ රජයක් වශයෙන් කටයුතු කරන්නට සිදුවූයේ විවිධ බාධා මධ්‍යයෙහි බවත්, ඇතැම් පළාත් සභාවල පවා එකඟතාව නොමැතිව, බොහෝ කටයුතු සිදුකරන්නට සිදු වූ බවත්, අවුරුදු තුනහමාරක් පැවති ජාතික ආණ්ඩුව තුළ තමන්ගේ උවමනාවට.

තමන්ගේ හයියට වැඩ කළා මිසක් රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නට යාමේ දී නොයෙකුත් බාධා එල්ල වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර පිහිටුවන ශක්තිමත් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශවලට හැකි සෑම දෙයක් ම ලබාදෙන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“මේ ආණ්ඩුව කොච්චර පිරිසකට රැකියා දුන්න ද.මම හිතන්නෙ මේ ආණ්ඩුවෙ මං තරම් රැකියා ලබාදුන්න ඇමති කෙනෙක් නැතුව ඇති. අපි ගුරුවරු 25,000ක් බඳවාගෙන තියෙනවා මේ අවුරුදු කිහිපයට.

ක්‍රීඩා පුහුණුකරුවන් 3880ක් බඳව ගෙන තියෙනවා.

විදුහල්පතිවරු 6000කට ආසන්න පිරිසක්  පද්ධතියට එකතු කරල තියෙනවා. අපේ රජය රජයේ සේවකයින්ගෙ වැටුප 107%කින් වැඩිකරල තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියටත් මේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශයක විෂය භාර අමාත්‍යවරයා හැටියටත් මම ඒ ගැන සතුටු වෙනවා.”

Read more

Local News