ගමේ පොඩි පොඩි අය කියන කතා අපට වැඩක් නෑ

Share

සුළු ගැටළු තිබුණත් ඉදිරි මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය කර පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම තම අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ අද(11) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගම්වල තිබෙන පොදු ජන පෙරමුණේ ප්‍රතිවිරෝධ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ තිබෙන ගැටුම් සියල්ල අවම කර ගත යුතු බවද වීරකුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

සෑම තැනකම සුළු දේවල් ඇති බවත් පැවසු ඒ මහතා, බැසිල් රාජපක්ෂ මහතා දෙහිවල රැස්වීමක දී පොහොට්ටුවේ අයගේ හිත රිදුනත් ඇත්ත පවසා ඇතැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයෙන් ගෝඨාභය මහතා මෙවර ජයග්‍රහණය කරන බව සඳහන් කර ඇතැයි පැවසු දිසානායක මහතා, “ගමේ පොඩි පොඩි අය කියන කතා අපට වැඩක් නෑ“ යනුවෙන් ද පැවසීය.

එනිසා “අපි යන්නේ පොහොට්ටුව පරාජය කිරීමට නෙවෙයි“ යනුවෙන්ද පැවසු ඒ මහතා මෙම මැතිවරණයෙන් පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකම දිනවා එක්සත් ජාතික පක්ෂය පරාජය කරන මැතිවරණයකට බවද කියා සිටියේය.

Read more

Local News