බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානය ගම්පහද ?

Share

ලංකාව, බුද්ධිය මුල් වූ කේන්ද්‍රස්ථානයක් කරවීම සඳහා මෙරට සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(12) මිනුවන්ගොඩ පැවති ජන රැලියකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය මහතා පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් කළ යුතු බවයි.

කැලණියට විශ්විද්‍යාලයට අවශ්‍ය ආයතන එක් කළ යුතු බවත් විශේෂයෙන් බුද්ධිමතුන්ට අවස්ථාව ලබා දිය යුතු බවත්, විශ්වාවිද්‍යාල සඳහා ඇතුළු වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් එය එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් ඒ නිසා විශාල ආයෝජනයක් කර සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට පළමු වසරේ සිට තමා කටයුතු කරන බවත් ගෝඨාභය මහතා කියා සිටියේය.

Read more

Local News