මම ජාතික නිෂ්පාදන ඉහළට ඔසවා තබනවා – සජිත්

Share

මෙරට ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තම පාලනයක් යටතේ ව්‍යාපෘති රැසක් දියත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කඳුරුවෙල නගරයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙලරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ කඳුරුවෙල නගරයේදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙවර පොළොන්නරුවේ සෑම මැතිවරණය කොට්ඨාශයකම ආසන 3 ම ඉහළින්ම ජයග්‍රහණය කරන බවයි.

විශේෂයෙන්ම මෙම බල ප්‍රදේශයේ සිටින කිරි ගොවීන්ට නොවැම්බර් 16 වන දිනෙන් පසුව තණ බිම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

ආහාර නිෂ්පාදනය හා ජාතික නිෂ්පාදන ඉහළට ඔසවා තබන බවත් ඒ තුළින් කෘෂිකර්මාන්තයට කිසිදු ජන නායකයෙක් නොකෙරූ දෙයක් තමා සිදු කිරීමට යන බවත් ඒ මහතා, කියා සිටියේය.

වී වගාවට ,එළවළු හා පළතුරු වගාව සඳහා මෙන්ම හේන් ගොවිතැන ආදි සියලු දේ සඳහා නොමිලේ පොහොර ලබා දීමට තමා කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

Read more

Local News